බන්ගලදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් හා භුමි මෙහෙයුම් ප්‍රවීනතා පාඨමාලවක්

බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් උදෙසා පවත්වන ලද ගුවන් හා භුමි මෙහෙයුම් ප්‍රවීනතා පාඨමාලා මාලාවේ හතරවන පාඨමාලාව පසුගිය පෙබරවාරි මස 23 වන දින සිට අපේ‍්‍රල් මස 27 වන දින දක්වා දියතලාව සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. 

පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය අපේ‍්‍රල් මස 27 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි සහභාගී විය.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකතුමන්ගේ අනුදැනුම මත දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ මෙහෙයවීම මත සිදුකරන ලද මෙම පාඨමාලාව නිළධාරීන් 04 දෙනෙකු සහ ගුවන් භටයින් 06 දෙනෙකු විසින් හදාරන ලදී.

අවි පුහුණුවව, පුදගල සටන් හැකියාවන්, මෙහෙයුම් භූමි හා මෙහෙයුම් ගුවන් තාක්ෂණික ශිල්පීය ක‍්‍රමවේදයන්, බුද්ධි අංශ පිලිබදව, ක්ශේත‍්‍ර ශිල්පය හා නිලධාරියකු සතු වගකීම් යන පරාසයන් ඔස්සේ මෙම පුහුණු පඨමාලාව පවත්වන ලදී.

බීඩී/468482 කොප‍්‍රල් එම් මෆුසර් රහ්මාන් විසි්න පාඨමාලාවේ පළමු ස්ථානය හිමිකරගන්නා ලදී.

දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි, නිළධෘරී අණදෙන පුහුණු, ප‍්‍රධාන උපදේශක පුහුණු සහ සෙසු නිළ උපදේශකයින් මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.