13 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ නිවාස” ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන 13 වන නිවාසය 21642 සැරයන් ප‍්‍රසාද් ජීඑච්සී හට භාරදීම පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදා සුභ සාධක අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු ගේ මගපෙන්වීම මත මෙම නිවස භාරදීමේ අවස්ථාව සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබා දෙන ලද අතර නිවසේ ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු පක්‍සාංගය සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලැබ්රොයි, නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.