ප‍්‍රවාහන ක‍්‍රියාකරු වෘත්තියට මාරු වූ ගුවන් භටයින්ගේ ප‍්‍රවාහන ක‍්‍රියාකරු මූලික පාඨමාලාව විසිර යයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි සිට ප‍්‍රවාහන ක‍්‍රියාකරු වෘත්තියට මාරු වූ ගුවන් භටයින්ගේ ප‍්‍රවාහන ක‍්‍රියාකරු මූලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය අපේ‍්‍රල් මස 26 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී එයාර් කොමඩෝර් ටීඒඩීආර් සේනානායක මහතාගේ ප‍්‍රධෘනත්වයෙන් පවත්වන ලදී.

මෙම පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 36 දෙනෙකු මෙලෙගස සාර්ථකව තම පුහුණුව නිමා කොට සහතික පත් ලබා ගන්නා ලදී. 014937 නායක ගුවන් භට ඉණ්ඩාරනායක එන්බීඒපී පාඨමාලාවේ පළමු ස්ථානය හිමිකර ගන්නා ලද අතර 19326 සැරයන් ගුණරත්න ඩබ්එස්එන් පාඨමාලාවේ උපදේශකවරයා ලෙස කටයුතු කරන ලදී.

පාඨමාලාව 2016 මාර්තු මස 08 වන දින සිට 2016 අපේ‍්‍රල් මස 26 වන දින දක්වා පවත්වන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.