අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ දස්කම් දැක්වූ ආබාධිත ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ දස්කම් දැක්වූ ආබාධිත ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් සඳහා උපහාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක්  අද (2016 මැයි 05) දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම  වැඩසටහන සඳහා යුනයිටඩ් මෝටර්ස් ලංකා පුද්ගලික සමාගම විසින් අනුග‍්‍රාහකත්වය සපයන ලදී.

මෙහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් ලබාගත් දරු දැරියන් අතරින් තෝරා ගනු ලැබූ නවදෙනෙකු (09) සහ ආබාධිත ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් පනස්දෙනෙකු (50) සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ යුනයිටඩ් මෝටර්ස් ලංකා පුද්ගලික සමාගම මූල්‍ය ආධාර ලබාදෙන ලදී.

මෙම උත්සවයේදී ගුවන් හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් විභාගය සමත් වූ සහ අනෙකුත් සියලුම දරු දැරියන්ට ඔවුන්ගේ අනාගතයට සුබපැතුම් එක් කළේය.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක කේ එෆ් ආර් ප්‍රනාන්දු, යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර මහතා, සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් සහ ශිෂ්‍යත්ව ලාභීන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.