14 වන "ගුවන් ලක් සෙවන" නිවස ප‍්‍රදානය කෙරේ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක, ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2016 මැයි 05) දින බදුල්ල හාලිඇල ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. ඉදිකරන ලද නිවස 32723 කෝප්‍රල් විජේසූරිය එස් හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.   

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්‍රෝයි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.