අම්පාර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පසුගිය මැයි මස 07 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී.

අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු  විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගන්නා ලදී. එහිදී ගුවන් හමුදාධිපති ආචාර පිළිගැන්වූ මාර්ග පෙළ ඛණ්ඩය සඳහා ෆ්ලයිං ඔෆිසර් ආර්එම්එච්ආර් රත්නායක විසින් අණදෙන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සෑම අංශයක්ම නිරීක්ෂණය කරන ලදී. පරීක්ෂණය අවසානයේදී කඳවුරේ සියලු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා කඳවුරේ මෙන්ම ගුවන් හමුදාවේද අභිවෘද්ධිය උදෙසා කැපවීමෙන් ක‍්‍රියා කිරීම පිළිබඳව සුභ පැතුම් එක්කරන ලදී.  

මෙහිදී 25988 සැරයන් අබේසේකර පීඊඒබී (ක‍්‍රීඩා උපදේශක), 24244 කෝප‍්‍රල් ගුණතිලක ආර්ඩීයූඑන් (මෙහෙයුම් භූමි), 25551 කෝප‍්‍රල් සමන්ත කුමාර (මෙහෙයුම් භූමි), 020073 නායක ගුවන් භට සඳමාල් ඩීජීආර් (මෙහෙයුම් භූමි), 024265  නායක ගුවන් භට රත්නායක කේඒඩීජේඑස්කේ (මෙහෙයුම් භූමි) සහ බී නිශාන්ත පෙරේරා මහතා (කම්කරු III)  ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.