ජංගම දන්ත සායන වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේදී සහ මුඩුකුලම ප්‍රජා ශාලාවේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරු දන්ත වෛද්‍ය අංශය විසින් සංවිධානය කරනු ලැබූ ජංගම දන්ත සායන වැඩසටහනක් 2016 මැයි මස 12 හා 13 දිනයන්හිදී පැවැත්විණ.

මෙම වැඩසටහනේ අරමුණ වුනුයේ කාර්යක්ෂම සහ ක්‍රියාකාරී දන්ත වෛද්‍ය සේවාවක් තුලින් කදවුරු සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් ජනතාවගේ දන්ත සෞඛ්‍ය ඉතා ඉහල මට්ටමක පවත්වාගෙන යෑම වන අතර ගුවන් හමුදා වන්නි කදවුරේදී පැවත්වූ දන්ත සායනය සඳහා සේවා පුද්ගලයින් 529 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ.  

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු දන්ත වෛද්‍ය රෝහලේ අණදෙණ නිළධාරී ගෲප් කැප්ටන් ජේ පී ඩබ් ජයවික්‍රම ඇතුලු වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙකු සහ දන්ත වෛද්‍ය සහකරුවන් 44 දෙනෙකු  ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් මෙම වැඩසටහන පවත්වන ලදී.

මීට සමගාමීව අඩු පහසුකම් සහිත පාසල් දරුවන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ද ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස තවත් ජංගම දන්ත සායනයක් මුඩුකුලම ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී. මෙම දන්ත සායනයේදී පාසල් ළමුන් 30 දෙනෙකු හා සිවිල් පුද්ගලයින් 12 දෙනෙකු සඳහා ප්‍රතිකාර කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.