ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පිරික්සුම් හා මුදාගැනීමේ මෙහෙයුම් වල
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතන හා එක්ව ශ්‍රී ලංකාව තුල හදිසි ආපදාවට ලක්වූ ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කිරීමට හා අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආධාර ලබාදීමට 2016 මැයි 18 වන දින ගුවන් මෙහෙයුම් කිහිපයක් සිදු කරන ලදී.
ගංවතුර හා නායයෑම් බලපෑමට ලක්වූ හා හානි සිදුවූ ප්‍රදේශ හදුනාගැනීම, එම ප්‍රදේශවල අවතැන් වී සිටින පුද්ගලයින් බේරාගැනීම සහ ඔවුන්ට අත්‍යවශ්‍ය ආධාර ලබාදීම මෙම මෙහෙයුම් වලදී සිදුකරන ලදී.
ජනාධිපතිතුමන්, පාර්ලිමේන්තු අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්තුමන් සහ   ගුවන්හමුදාධිපතිතුමන් ඇතුළු රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම හානි ඇගයීම් මෙහෙයුම් සදහා සහභාගී විය.
එක් ගුවන් යානයකින් නායයෑමින් විපතට පත් අරණායක, බුලත්කොහුපිටිය යන ප්‍රදේශ සහ ගංවතුරින් විපතට පත් කැලණිය, බියගම යන ප්‍රදේශ නිරීක්ෂණය කරන ලදී. මීට අමතරව ගුවන් හමුදා සාමාජිකයින් විසින් ගංවතුරින් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ ජනතාවට පිසූ බත් පාර්සල් බෙදාදෙන ලද අතර තවද බියගම (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කලාපය) ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය තොග දෙකක් බෙදාදෙන ලදී.  
දිනයේ උදෑසන 0600 පැයේ සිට 1830 පැය දක්වා බෙල් 412 හෙලිකොප්ටර් යානා වලින් පිරික්සුම් මෙහෙයුම් තුනක්(03) ද බෙල් 212 හෙලිකොප්ටර් යානා වලින් එක් (01) ගලවා ගැනීමේ මෙහෙයුමක් හා පිරික්සුම් මෙහෙයුම් දෙකක් (02)ක් ද  එම් අයි 17 හෙලිකොප්ටර් යානා වලින් එක් (01) ගලවා ගැනීමේ මෙහෙයුමක් ද සිදු කරන ලදී.






Bulathkohupitiya

Kelaniya Area










 
 
Cooked lunch packets were distributed at Dompe














Dry Ration dropped at Biyagama
















See Video
