2016 මැයි 19 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සහන මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ බෙල්
212 හෙලිකොප්ටර් යානවන් අද උදෑසන 0600 පැයේ සිට 1830 පැය දක්වා ගංවතුරෙන්
විපතට පත් ප්‍රදේශ පිරික්සුම් මෙහෙයුම් හා ගංවතුර සහන මෙහෙයුම් කිහිපයක්
සිදුකරන ලදී.
මෙම බෙල් හෙලිකොප්ටර් යානා ආහාර, ජලය හා අත්‍යවශ්‍ය
වෛද්‍ය ද්‍රව්‍ය ගංවතුරෙන් විපතට පත් කැලණිය සිට කැලණි ගඟ දිගේ හංවැල්ල
දක්වා ප්‍රදේශවලටත් කොළඹ, කොටිකාවත්ත ප්‍රදේශවලටත් ප්‍රවාහනය කරන ලදී.
කොටිකාවත්ත
ප්‍රදේශයේ ගංවතුරෙන් කොටුවී සිටි සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු කඹ ආධාරයෙන්
බේරාගත් අතර එම ප්‍රදේශයට වියළි ආධාර ද්‍රව්‍ය පාර්සල් 1500 ක් සහ ලීටර්
05 ජල බෝතල් 843 ක් පමණ ලබාදෙනු ලැබීය.
බී 200 ගුවන් යානාවකින්
ගුවන් වාර 02ක් පැය 05යි විනාඩි 45ක කාලයක් සහ බෙල් 2012 යානාවකින් පැයක
ගුවන් වාරයක් සෝදිසි මෙහෙයුම් වල නිරත විය.
එක් එම් අයි -17 ගුවන් යානයක් මාධ්‍යවේදීන් 23 දෙනෙකු සමග ගංවතුරින් යටවූ ප්‍රදේශවල සෝදිසි කිරීමේ මෙහෙයුමක නිරත විය.










Food
Dropping at Biyagama Area















Rescue
Misson at Kotikawatta area







MI 17
Helicopter Recce Mission with
Journalists











See
Videos