හබරණ ප්‍රදේශයේ ඇතිවු ගින්න මැඩලීම සඳහා ගුවන් හමුදා සහය
අද දින (19) හබරණ ප්‍රදේශයේ ඇතිවු ගින්නක් මැඩලීමට
හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත්
හෙලිකොප්ටර් යානා වලට හැකිවිය.
හේලිකොප්ටර් යානා මින්නේරිය වැවේ
සිට බැම්බි බකට් උපයෝගී කරගනිමින්, ජලය රැගෙන යමින් ගින්න පාලනය කර වටිනා
මිනිස් ජීවිත සහ ප්‍රදේශයේ කෘෂිකාර්මික බෝගයන් ආරක්ෂාකර දීමට සමත් විය.