ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනාධිපති ක්‍රීඩා සම්මාන ලබති

ක්‍රීඩාවෙන් දැක්වූ විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2016 මැයි 18 වන දින ප්‍රථම වරට පවත්වන ලද ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේදී ගෞරව සමාන

ප්‍රධානය කෙරිණ.

මෙම උත්සවයේදී අතිගරු ජනාධිපතිතුමන් අතින් ජාතික මලල ක්‍රීඩිකා ගුවන් හමුදාවේ කෝප්‍රල් නිමාලි ලියනාරච්චි 2015 වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබාගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනෙකුත් ජයග්‍රහණ පහත සඳහන් පරිදි වේ.

කෝප්‍රල් නිමාලි ලියනාරච්චි
2015 වසරේ කැපී පෙනෙන ක්‍රීඩිකාව

සැරයන් අසංක කුමාර
2015 වසරේ විශිෂ්ඨතම පිරිමි බීච් වොලිබෝල් ක්‍රීඩකයා

කෝප්‍රල් ගුණවර්ධන
2015 වසරේ විශිෂ්ඨතම කාන්තා බීච් වොලිබෝල් ක්‍රීඩිකාව

නායක ගුවන් භට ප්‍රසාදිනී
2015 වසරේ විශිෂ්ඨතම කාන්තා ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩිකාව

කෝප්‍රල් දිනූෂා කුමාරි
2015 වසරේ විශිෂ්ඨතම කාන්තා කරාටේ ක්‍රීඩකයා

වඩාත් කැපී පෙනෙන ක්‍රීඩා කණ්ඩායම
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාටේ කණ්ඩායම

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.