2016 මැයි 20 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ගංවතුරට ගොදුරු වී සිටින කැලණිය, බියගම ප්‍රදේශවල ජනතාව ගලවා ගැනීමේ සහ වියළි සලාක තොග ගුවනින් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 හා බෙල් 412හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් හමුදා ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුමට එක්වෙමින් පීඩාවට පත් ප්‍රදේශ සඳහා බෙල් 412 යානයකින් පියාසර කරන ලදී.
හමුදාධිපතිතුමන් පවතින සහන සේවා කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කෙත්තාරාම සහන කඳවුරේ සංචාරයක ද නිරත විය.
තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේ ගංවතුර සහනාධාර එකතු කර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර විවිධ පාර්ශව වලින් මේ වන විට සහනාධාර විශාල
ප්‍රමාණයක් ලැබී තිබේ.
කොටිකාවත්ත ප්‍රදේශයේ ගංවතුරෙන් කොටුවී සිටි සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු කඹ ආධාරයෙන් බේරාගත් අතර එම ප්‍රදේශයට වියළි ආධාර ද්‍රව්‍ය පාර්සල් 1500 ක් සහ ලීටර් 05 ජල බෝතල්
843 ක් පමණ ලබාදෙනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහනාධාර එකතු කර බෙදාහරින ස්ථානයන් වල සිට කෙලින්ම අවතැන්වූවන්ට එම ආධාර ලබාදීමට බෙල් 212 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් හතක් (07) ද බෙල් 412
හෙලිකොප්ටර් යානා මෙහෙයුම් දෙකක් (02)ක් සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් එකක් ද සිදු කරන ලදී.


























Commander visited Kettharama Flood Relief Unit



SLAF Flood Relief Centre at the SLAF Station Colombo 
























Medical Clinic at Nawagamuwa







