ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් මැදිරියේ සංචාරයක

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 2016 මැයි මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් මැදිරියේ සංචාරයක නිරත විය.
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඔහුව ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.

ආරක්ෂක ලේකම්තුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ගලවා ගැනීමේ මෙහෙයුම් හා ගංවතුර සහනාධාර බෙදාහැරීමේ මෙහෙයුම් කළමනාකරණය කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී.

ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ ගුවන් මෙහෙයුම් නිලධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර මහතා විසින් බලපෑම් එල්ල වූ ප්‍රදේශ , ආහාර ජලය සහ වෛද්‍ය පහසුකම් සැපයීම හා පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් පිලිබදව තොරතුරු ඉදිරිපත් කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ ඇතුළු ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.