ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

නීතිය සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා 2016 මැයි මස 22 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළි ගන්නා ලදි. අනතුරුව එතුමන් විසින් ගුවන් හමුදා මෙහෙයුමි මැදිරිය වෙත ගොස් ගංවතුර සහනාධාර සහ මුදවා ගැනීමේ මෙහෙයුමි වල ප‍්‍රගතිය පිළිබදව නිරීක්‍ෂණය කරන ලදි.

ගුවන් මෙහෙයුමි අධ්‍යක්‍ෂක කාර්යාලයේ ජේ්‍යෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ජල ගැලීමි මගින් බලපෑමි එල්ල වූ ප‍්‍රදේශ සදහා ආහාරල ජලය සහ වෛද්‍ය පහසුකමි සැපයීමේ ප‍්‍රගතිය සහ දියත් කර ඇති ගලවා ගැනීමේ මෙහෙයුමි හි ප‍්‍රගතිය පිළිබදව විස්තර කිරීමක් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ ඇතුලූ ගුවන් මෙහෙයුමි මැදිරියේ නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.