ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය - 2016

2605 වෙනි සමිබුද්ධත්ව ජයන්තිය සමරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර එක්ව සංවිධානය කල වෙසක් බැති ගී සරණිය මැයි මස 22 වන දින කොළඹ ගුවන් හමුදා රයිෆල් ගී‍්‍රන් කි‍්‍රඩාංගනයේදී පවත්වන ලදි.

ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිණි වසන්තා ගුණවර්ධන මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් එතුමිය පිළිගන්නා ලදි.

වෙසක් බැති ගී සරණිය - 2016 සදහා බුදුනරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කර විවිධ කලාකරුවන් විසින් ගායනා කරන ලද ප‍්‍රසිද්ධ ගීත රැුසක් ගුවන් හමුදා ගායන කණ්ඩායම විසින් ගායනා කරන ලද අතර එම සැන්ඣීෙවි ආකර්ෂණය වැඩි කරමින් ගුවන් හමුදා පෙරදිග වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයන ලදි.39ත මුද්‍රා නාට්‍ය කලාව ඉස්මතු කරමින් ගුවන් හමුදා නාට්‍ය

අංශය විසින් ගුත්තිල කාව්‍ය මුද්‍රා නාට්‍යද ඉතා ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කරන ලදි.ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුවන් හමුදා මුලස්ථානය, ගුවන් හමුදා කොළඹ කදවුර, ගුවන් හමුදා කටුනායක කදවුර, ගුවන් හමුදා රත්මලාන කදවුර සහ ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල යන කදවුරු වල සේවා පුද්ගලයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වි සිටියහ.

   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.