ලකඹර සුරැකි විරු සැමරුම් උළෙල 2016

දශක තුනක් පුරා ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් විරු සැමරුම් උළෙල ඒකල ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2016 මැයිි 26 වන දින පස්වරුවේ පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන්ද ඇතුලූ පිරිසක් සහභාගී වූහ.

ප‍්‍රථමයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පළමු මල් වඩම තැන්පත් කරන ලදී. අනතුරුව පිලිවෙලින් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් සියලූ නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් ඊට සහභාගී වෙමින් ගුවන් හමුදා රණිවිරු ස්මාරකය අභියස මල් වඩම් තැන්පත් කරන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.