දකුණු සුඩානයේදී ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය 2016 වසරේ වෙසක් සමරයි

දකුණු සුඩානයට අනුයුක්තව සේවය කරනු ලබන ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය එම ඒකක පරිශ‍්‍රයේදී විවිධ ආගමික වතාවත් වල නිරත වෙමින් වෙසක් උත්සවය සමරන ලදි.

එදින උදෑසන දානමය කටයුතු සිදු කරමින් ආගමික වතාවත් ආරමිභ කරන ලදි. අනතුරුව කොරියානු ඉංජිනේරු ඒකකයේ සහ නේපාල හමුදා ආරක්‍ෂණ ඒකකයේ සහභාගීත්වයෙන් ධර්ම සාකචිජාවක් බුද්ධ පූජාව සහ ධර්ම දේශනාවක් සිදු කරන ලදි.

දහවල් වැඩසටහන් සිදු කරමින් බෝ පරිශ‍්‍රයේදී දහවල් ආහාර බෙදා දීමෙි වැඩසටහනක් සිදු කරන ලදි. තවද රාති‍්‍රය ආලෝකමත් කරමින් වෙසක් පහන්කූඩු ආලෝකය අලංකාරවත්ව පැවතුණු අතර එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් පැවැත්වූ බෙලි මල් දන්සැල සදහා අනෙකුත් ජාතීන්ගේ ආකර්ෂණය වැඩිවිය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.