දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා දෙවන ආදේශන හෙලිකොප්ටර් බලඝණය විසිර යයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකකයේ සේවා පුද්ගලයන්ගේ සේවා කාලය වසරක් අවසන්ව ඇති බැවින් ඔවුන් වෙනුවට අනුප‍්‍රාප්තික සේවා පුද්ගලයන් පිරිසක් දකුණු සුඩානය වෙත අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

ඒ සදහා ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව යාමට නියමිත භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය අද (2016 මැයි 30) දින ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත තම උත්තමාචාර පුදකරමින් අභිමානවත් අයුරින් විසිර යන ලදි.

මෙම විසිර ගිය බලඝණය නිළධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිළයන් 87 දෙනෙකුගෙන් සමන්විත අතර මෙම බලඝණයේ අණ දෙන්නා ලෙස විංග් කමාණ්ඩර් එස් එස් දහනායක කටයුතු කරනු ලබයි. මෙම බලඝණය 2016 ජුනිි මස පළමු සතිය තුල දකුණු සුඩානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරී සදහා පිටත්ව යාමට නියමිත විසිරයාමේ පෙළපාලියේ අණ දෙන්නා ලෙස  විංග් කමාණ්ඩර් එස් එස් දහනායක කටයුතු කරනු ලැබූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.