ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුග‍්‍රහයෙන් යාපනය පාසල් සිසු දරු දැරියන් පිරිසකට අධ්‍යාපන චාරිකාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීම සහ උපදෙස් මත, කුඩ්ඩියාප්පුලම් රජයේ දමිළ පාසලේ සිසු දරු දැරියන් සඳහා 2016 මැයි මස 27 සිට මැයි මස 29 වන දින දක්වා අධ්‍යාපන චාරිකාවක් පලාලි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරන ලදී.

මෙම අධ්‍යාපන චාරිකාව සඳහා 9, 10 සහ 11 වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 78 දෙනෙකු, පාසල් ගුරු මහත්ම මහත්මීන් 12 දෙනෙකු සහ දෙමාපියන් 06 දෙනෙකු සහභාගී වූහ. මෙහිදී මෙම දරු දැරියන් හට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල, කොලඹ වරාය, කොළඹ ජාතික කෞතුකාගාරය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදාකරදෙන ලදී.

මෙම අධ්‍යාපන චාරිකාව පලාලි කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වාගේ සහ හිටපු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජීඑස්එන් පි‍්‍රියදර්ශනගේ අධීක්‍ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර් ආර් ජයරත්න, ෆ්ලයින් ඔෆිසර් සමරවීර සහ සෙසු නිළයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.