ටැන්සානියා ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ටැන්සානියා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ආරක්‍ෂක නියෝජිත පිරිසක් පසුගිය ජූනි මස 01 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ටැන්සානියා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මාන්ඩලික අධ්‍යක්‍ෂක විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ෆෙස්ටෝ න්ඩිවිරෝ උයෝමි විසින් මෙම නියෝජිත පිරිසට නායකත්වය සපයනු ලැබූ අතර ටැන්සානියාවල නැමීබියාවල දකුනු අප‍්‍රිකාවල මලාවි සහ සිම්බාබ්වේ යන රටවල් නියෝජනය කරමින් ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් මෙම නියෝජිත පිරිසට අයත්විය.

මෙම නියෝජිත පිරිසට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා හමුවීමට අවස්ථාවක් හිමිවිය. දෙපාර්ෂවය අතරේ සුහද සාකච්ජාවකින් අනතුරුව ටැන්සානියා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්‍ෂක විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ෆෙස්ටෝ න්ඩිවිරෝ උයෝමි සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල්  රනිල් ගුරුසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

මෙහිදී මෙම පිරිස ගුවන් හමුදා ප‍්‍රධාන ගුවන් මෙහෙයුම් මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් සිදු කරන ලද විශේෂ දේශනයකට සහ ප‍්‍රශ්න ඇසීමේ වාරයකටද සහභාගී වූහ. ගුවන් හමුදා  ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න, සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රොහින්ත ප‍්‍රනාන්දු සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.