අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව නිමා වෙයි

මුලික කදවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය කදවුරේදී 2016 මැයි මස 30 වන දින ආරමිභ කරන ලද අතර එය 2016 ජුනි මස 01 වන දින අවසන් කරන ලදි.

මෙම පුහුණු වැඩමුලුව පැවැත්වීමේ මුලික අරමුණ වූයේ ආයතන සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුළ අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරී සහ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන හා කළමණාකරණ කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි.

මෙම පුහුණු සැසිය දේශන හා විෂය භාෂා ගණනක පලපුරුද්දක් ඇති උපදේශකයන් විසින් මෙහෙයවන ලද අතර ඵලදායි සාකච්ජා සැසි සමග පුලුල් විෂය පථයක් ආවරණය කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.