ගුවන් හමුදා මීරිගම කදවුර හා අංක 04 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා මීරිගම කදවුර හා අංක 04 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය 2016 ජුනි මස 01 වන දින සිය 09 වන සංවත්සරය සැමරීය.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඔීඒඑන්එස් ප‍්‍රනාන්දුගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ සංවත්සර දිනයට සමගාමීව ප‍්‍රජාසත්කාරයන් කිහිපයක් කි‍්‍රයාත්මක කරන ලදි. කදවුර අවට ඇති කිතුලවෙල ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව සදහා වෛද්‍ය කදවුරක් පවත්වා නොමිලේ වෛද්‍ය, දන්ත සායනයක් සහ ඒ සදහා ප‍්‍රතිකාර ලබා දෙන ලදි.

විශේෂ වැඩසටහන් යටතේ 2016 මැයි මස 30 වන දින සහ ජුනි 01 වන දින බෝතලේ අඹේපුස්ස පාසල ශුද්ධ පවිත‍්‍ර කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම පාසැලේ දරු දැරියන් සහභාගී කර ගනිමින් ආගමික වැඩසටහන්, විනෝදකාමී වැඩසටහන් සිදු කරමින් ආබාධිත දරුවන් සමග කාළය ගත කරන ලදි. අනතුරුව දරුවන් සදහා වියලි සලාක සහ තෑගි පාර්සල් බෙදා දීමක්ද සිදු කරන ලදි.

සංවත්සර දින පෙළපාලිය 2016 ජුනි මස 01 වන දින පවත්වන ලද අතර අණදෙන නිළධාරී ඔිඒඑන්එස් ප‍්‍රනාන්දු විසින් පෙළපාලිය පරීක්‍ෂා කරන ලදි. සංවත්සර දිනය නිමා කරමින් සුහද සැහැල්ලූ පන්දු තරගාවලියක්ද පවත්වන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.