අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 51 වන සංවත්සරය සමරයි

අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 51 වන සංවත්සරය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේදී 2016 ජුනි මස 01 වන දින පවත්වනු ලැබීය.

බලඝණ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඒඑස්කේ මහීපාල විසින් සංවත්සර පෙළපාලිය පරීක්‍ෂාවට ලක්කරන ලද අතර පෙළපාලි පරීක්‍ෂණය අවසානයේ සියලු දෙනා අමතමින් බලඝණයේ 51 වෙනි සංවත්සරය වෙනුවෙන් සියලු දෙනාට සුභ පතන ලදී. 1955 වසරේදී ඩ‍්‍රැගන් ෆ්ලයි හෙලිකොප්ටර් යානය යොදා ගනිමින් ප‍්‍රභූ ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලද අතර අද වන විට බෙල් 412 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

සංවත්සරයට සමගාමීව ගංවතුර හේතුවෙන් ආපදාවන්ට පත්වූ කඩුවෙල ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමක් සිදු කරන ලද අතර මැයි මස 27 වන දින සියලුම නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රත්මලාන කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.