සීගිරිය රෑළි ක්‍රොස් 2016

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා මෝටර් රථ හා ධාවකයින්ගේ සංගමය (SLADA)සමග එක්ව සංවිධානය කරනු ලැබු සීගිරිය රෑළි ක්‍රොස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාලිය 2016 ජුනි මස  05 දින සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදි පැවැත්වූ අතර ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය.

ශී‍්‍ර ලංකාවේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග දින දර්ශනයේ විශේෂ තරගයක් වන සීගිරිය රෑළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය, ශී‍්‍ර ලංකාවේ ඇති එකම තාර හා බොරළු මිශ‍්‍ර වූ පොලොවකින් සකස් වී ඇති සීගිරිය ධාවන පථයෙහි පැවැත්විණි. මෙම තරගාවලිය ඉතා ප‍්‍රවේගකාරි වූ වෙනස්ම ආකාරයක තරගාවලියක් වු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම තරගාවලියෙන් ඉපයෙන මුදල් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරෙත්තු වෙයි.  

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් මෙන්ම ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල හා ගුවන් හමුදා සිගිරිය කදවුරේ අණදෙන  නිළධාරි ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක  ඇතුළු ගුවන් හමුදා නිළධාරින්, සෙසු නිළයන් විශාල ප‍්‍රමාණයක් හා පේ‍්‍රක්‍ෂකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වීය.

දැඩි තරගකාරිත්වයක් පැවති මෙම තරගාවළියේ දක්‍ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානය ඉෂාන් දසනායක විසින් ද තරගාවළියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය උෂාන් පෙරේරා විිසින් දිනාගන්නා ලදී.

All results
www.airforce.lk/src_2016.php

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.