ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය දකුණු සුඩානයේදී සිවිල් වැසියන් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රදානය කෙරේ

දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් සේවා ඒකකය මගින් අසරණ වූ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් එම කදවුරු පරිශ‍්‍රයේදී  පැවැත්විණි.

2016 වර්ෂයේ වෙසක්  උත්සවය සැමරීම හා කණ්ඩායම් සේවා කාලය අවසන් වීම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.  මෙහිදී ආහාර, ඇඳුම් පැළඳුම් හා අත්‍යවශ්‍ය භාණ්ඩ යනාදිය අසරණ සාමාජිකයන්  හට බෙදා දීම සිදු කරන ලද අතර මෙම අවස්ථාව සදහා කණ්ඩායමේ සියලු නිළධාරීන් සහ ගුවන් භටයන් සහභාගී විය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම සදහා නේවාසික සම්බන්ධීකරණ කාර්යාලය  සිවිල් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ හා සහන බෙදාහැරීමේ කණ්ඩායම් ඇතුලු කදවුරේ කළමණාකරණයද සමිබන්ධ වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.