දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නියුතුව සිටි පළමු ගුවන් හමුදා භට කණ්ඩායම යළි දිවයිනට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ පළමු කණ්ඩායමේ සාමාජිකයින් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය ජූනි මස 09 වන දින යළි දිවයිනට පැමිණෙන ලදී.

මෙම භට කණ්ඩායම දකුණු සුඩානයේ මාස 12 ක සාම සාධක සේවා කාලයක් සම්පූර්ණ කොට මෙලෙස යළි දිවයිනට පැමිණෙන ලද අතර මොවුන් වෙනුවට දෙවන භට කණ්ඩායම පෙර දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, ගුවන් හමුදා මෙහෙයුම් භුමි අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී එයාර් කොමඩෝර් නිෂේන්  අබේසිංහ ඇතුලු නිළධාරීන් සහ පැමිණි භට කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.