ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2016 ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා ටයිකොන්ඩෝ තරගාවලියේදී රන් පදක්කම් 08 කට හිමිකම් කියයි

09 වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලිය 2016 ජුනි මස 08 හා 09 යන දිනයන්හීදී පනාගොඩ ශී‍්‍ර ලංකා යුධ හමුදා කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ.

ත‍්‍රිවිධ හමුදා සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම ටයිකොන්ඩෝ තරගාවලියේදී ගුවන් හමුදා කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් 06 ක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගත් අතර ගුවන් හමුදා පිරිමි ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවය සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ් එස් ජයසිංහ සහභාගී වූ අතර ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය ඇතුලු ති‍්‍රවිධ හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්  සහභාගී වී සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.