ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය (CEW) 2016 ජූනි මස 13 වන දින සිය 13 වන සංවත්සරය සමරන ලදි.

13 වැනි සංවත්සරය සමරමින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් 2016 ජූනි මස 09 වැනි දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල හා මීගමුව මහ රෝහල එක්ව  සංවිධානය කරන ලදී. ලේ පරිත්‍යාගශීලීන් 130 දෙනෙකු පමණ ස්වේච්ඡාවෙන් මෙම වටිනා අවස්ථාවට සහභාගී වූහ.

සිවිල් ඉංජිනේරු පක්ෂාංග අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් බී සී ඩී මුතුතන්ත්‍රීගේ මග පෙන්වීම යටතේ සියලු නිලධාරීන්, ගුවන් භටයින් සහ අංශයේ සිවිල් කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගයක්ද සංවිධානය කරන ලදී.

සිවිල් ඉංජිනේරු පක්ෂාංගය දැනට සිවිල් ඉංජිනේරු නිලධාරීන් 17 කින් හා පුහුණුවන සිවිල් ඉංජිනේරු ගුවන් භටයන් 1429 කින් සමන්විත වන අතර ක්ෂේත්‍රයේ විවිධ ඉදිකිරීම් හා පුනරුත්ථාපන කටයුතු ඉහල තත්වයන් යටතේ සිදුකිරීමට ගුවන් හමුදාව සතුව බලය ඇත.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.