සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය හා අතුරුදන්වූ රණවිරුවන් හට පිං අනුමෝදන් කිරීමේ අදිටනින් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුලු සියලුම ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් 2016 ජූනි 17 වන දින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් හා අනතුරුව 2016 ජූනි 18 වන දින උදෑසන මහා සංඝරත්නය 65 නමක් වඩම්මවා අටපිරිකර පුජාවක් සහිත මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ මහා පින්කමක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

පිරිත් සජ්ඣායනය ආරම්භය සනිටුවහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් 'සධාතුක කරඬුව' ගුවන් හමුදා මූලස්ථානය වෙත පෙරහැරකින් වඩම්මවා පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලද අතර ඉන් අනතුරුව පසුදින උදෑසන ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවද එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම උතුම් කර්තව්‍යය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, සියලුම නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.