ශ්‍රී ලංකා ගුවන් හමුදා විරු දරු දිරි තිළිණ වැඩසටහන

"විරු දරු දිරි තිලිණ" නමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරුවන් සඳහා පාසල් අවශ්‍යතා සඳහා ආධාර මුදල් බෙදාදීමේ වැඩසටහනක් 2016 ජූනි මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් 63 දෙනෙකු සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් අතර ගංවතුරින් විපතට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජික පවුල්වල සිසුන් 43 දෙනෙකු සදහා පාසල් උපකරණ ද විශේෂ ඉල්ලීම් මත ගුවන් හමුදා සාමාජිකයින් වෙනුවෙන් රෝද පුටු 03ක් සහ කිහිලිකරු 01ක් ද පරිත්‍යාග කරන ලදී.
 
මීට අමතරව,රිජ්වේ ආර්යා ළමා රෝහලේ කථිකාචාර්ය විශේෂඥ ළමා හා මනෝවෛද්‍ය ආචාර්ය සුදර්ශනී සෙනෙවිරත්න මහත්මිය විසින් පැමිණ සිටි දරුවන් හා දෙමාපියන් හට විශේෂ දේශනයක් ද ඉදිරිපත් කරන ලදී.  

ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය, ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක රෝහිත ප්‍රනාන්දු, ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර ඇතුළු නිළධාරීන්, සෙසු නිළයන්, දෙමාපියන්, දූදරුවන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.