ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම පසුගියදා (2016 ජුනි 12) වන දින දිවයිනට පැමිණියහ.

මෙසේ දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක හොකී තරග දෙකක් කොළඔ 07 ක්‍රීඩා අමාත්‍යංශ කෘතිම හොකී ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. 2016 ජුනි මස 13 වන දින පැවති පළමු තරගයෙන් ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය ලැබූ අතර 2016 ජුනි මස 16 වන දින පැවති දෙවන තරගය දෙපිලම සම ලකුණු ලබාගනිමින් ජය පරාජයකින් තොරව අවසන් විය. 

අවසන් තරගය නැරඹීම සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් හා හොකී සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එච් එන් අබේසිංහ මහතා ඇතුළුව සෙසු නිළයන් ද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.