ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2016 වර්ෂයේ ජෝශප් විදුහල් ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාවය දිනාගනී

ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම 2016 ජූනි මස 16 දින සිට 18 දින දක්වා බේරේ වැවේ පැවති 2016 වර්ෂයේ ජෝශප් විදුහල් ඔරු පැදීමේ තරගාවලියට සහභාගී විය.

ශාන්ත ජෝෂප් විදුහල විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේදී වයස් කාණ්ඩ කිහිපයක් යටතේ ඒකළ විවෘත හා යුගල වශයෙන් සහ තරුණයින් සිව්දෙනාගේ කණ්ඩායම් වශයෙන් ඔරු පැදීමේ තරග සදහා සහභාගී විය.

ගුවන් හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම පිරිමි විවෘත කාණ්ඩයේ හා කාන්තා විවෘත කාණ්ඩයේ ශූරතාවයන් දිනාගත් අතර ශ්‍රී ලංකා යුධ හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ කිහිපයක් අතර දින තුනක් පුරා පැවති තරගාවලියකින් පසුව රන් පදක්කම් තුනක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම තරගාවළියේ ශූරතාවය දිනාගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.