මිහින්තලේ ආලෝක පූජාව 2016

පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේදී පවත්වන ලද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සුරතින් ආලෝකමත් විය. මෙම ආලෝක පූජාව දෙවැනි දිනයටත් ඊයේ(2016 ජූනි 20) දින පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමන්ති බුලත්සිංහල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් "මිහින්තලා මහා සෑය" පින්තාරු කිරීමේ සහ "කප්රුක පූජාව" සඳහා ක‍්‍රියාකාරීව දායකත්වය සපයන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.