2016 ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායම, ශ‍්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය ජූනි මස 21 වන දින ටොරින්ටන් ක‍්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක‍්‍රිඩාගාරයේදී පැවැත්විණි.

අවසන් තරඟයේදී නාවික හමුදා කණ්ඩායම ඉතා හොඳින් සටන් කලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ධෛර්ය සම්පන්න සටනක් දෙමින් නාවික හමුදා කණ්ඩායම රැුස්කල ලකුණු 23 ට පිළිතුරු වශයෙන් ලකුණු 38 ක් ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

ගරු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් මෙම අවස්ථාවට සහභාගි විය. ශ‍්‍රි ලංකා කබඩි සංමේලනයේ සභාපති චන්දිම වීරක්කොඩි, ගුවන් හමුදා කබඩි සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් දුශ්‍යන්ත රත්නායක, ශ‍්‍රීඉ ලංකා කබඩි සම්මේලනයේ තරඟ සංවිධායක කහමිටුවේ ප‍්‍රධානී විංග් කමාන්ඩර් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු, ගුවන් හමුදා ක‍්‍රිඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් පද්මන් ඩි කොස්තා, නිලධෘරීන් සහ සෙසු නිලයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.