2016 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ ශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා යුධ හමුදා කඹු ඇදීමේ කණ්ඩායම පරදවා 2016 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ ශූරතාවය දිනා ගැනීමට  සමත්කම් දක්වන  ලදී. තරඟාවළිය පසුගිය අගෝස්තු මස 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

නාවික හා ගුවන් මෙහෙයුම් අද්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සරත් මෙහොට්ටි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේ සී ගීතප‍්‍රිය, නිළධාරීන් ඇතුළු ත‍්‍රිවිධ හමුදා සමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.