2016 ආරක්‍ෂක සේවා කරාතේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාතේ කණ්ඩායම රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් ලබා ගනිමින් 2016 ආරක්‍ෂක සේවා කාන්තා කරාතේ ශූරතාවය දිනාගන්නා ලදී. තරඟාවළිය පසුගිය අගෝස්තු මස 13 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න ත්‍යාග ප‍්‍රධානෝත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ගුවන් හමුදා කරාතේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එම් ඩී වාසගේ, ත‍්‍රිවිධ  හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.