ඩෙංගු නිවාරණ වැඩසටහනක් කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේදී

කොළඹ ආරක්‍ෂක කලාප අංක තුනෙහි සේවයේ නියුතු වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, යුධ හමුදාව, පොලිසිය සහ කොළඹ මහ නගර සභාව එක්ව ඩෙංගු උවදුරින් වඩාත්ම තර්ජනයට ලක්වු කොළඹ ප‍්‍රදේශයේ ඩෙංගු නිවාරණ වැඩසටහනක් පසුගිය 2010 ජූලි මස 31 වන දින උදෑසන කොම්පඤ්ඤවීදීය ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

වෑකන්ද විතාන මාවත යන ප‍්‍රදේශයෙහි නිවාස 1200 ක් හා 37000 ක් පමණ වූ ජනතාවක්ද ප‍්‍රධාන වශයෙන්ම ඉලක්ක කොට ගෙන මෙම වැඩසටහන දියත් කරන ලදී. පසුගිය කාල වකවානුව තුළ ඩෙංගු වසංගතය හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ සිව්
දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇත.

ගුවන් හමුදාව, යුධ හමුදාව, පොලීසිය සහ මහනගර සභාව නියෝජනය කරමින් 500 ක් පමණ දෙනෙකු මෙම ඩෙංගු නිවාරණ වැඩසටහන සඳහා සහභාගී වූ අතර උදෑසන 8.00 සිට දහවල් 3.00 පමණ වනතෙක් සිදු කරන ලදී.

කොළඹ ආරක්‍ෂක කලාප අංක තුනෙහි නිළධාරී අණදෙන විංග් කමාන්ඩර් වජිර ජයවර්ධන මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.