09 වන ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම 2016 අගෝස්තු මස 18 වන දින පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා කදවුරේ පැවති 09 වන ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.

යුධ හමුදාවේ ආරක්ෂක සේනා ආඥාපති (මුලතිව්) මේජර් ජෙනරාල් පී යූ එස් විතානගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්මාන උළෙල සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.