ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ ගුවන් ආරක්‍ෂණ වැඩමුළුව නිමා වෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද 2016 වසරේ දෙවන ගුවන් ආරක්‍ෂණ වැඩමුළුව පසුගිය අගෝස්තු මස 13 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල් පරිශ‍්‍රයේදී නිමාවට පත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂණ අංශය මගින් මෙහි පුහුණුවීම් කටයුතු  සංවිධානය කරන ලද අතර ගුවන් මෙහෙයුම් සඳහා ඍජුවම සම්බන්ධ වන ගුවන් හමුදා නිලධාරීන් ගුවන් ආරක්‍ෂණ කාර්යයන්ට හුරු කරවීම මෙහි අරමුණ විය. මේ සඳහා ගුවන් ආරක්‍ෂණ සම්බන්ධව කිසිදු විධිමත් පාඨමාලාවකට සම්බන්ධ නොවූ ගුවන් හමුදාවේ අංශ හතකට අයත් නිළධාරීහු සහභාගී වූහ.

මෙම වසර තුළ නිලධාරීන් උදෙසා ගුවන් ආරක්‍ෂණ වැඩමුළු දෙකක් පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම වැඩමුළුව එහි දෙවන වඩමුළුව වන අතර දින හතරක් පුරා පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා නිළධාරීන් 29 දෙනෙකු සහභාගී වූහ. මෙම වසර තුළ තවත් එක් වැඩමුළුවක් අධිකාරී නොළත් නිළධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

වැඩමුළුව සඳහා සහභාගීවූවන්ට සහතික පත් ප‍්‍රදානය කිරීම සහ අවසන් උත්සවය ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී එයාර් කෝමඩෝර් එස්කේ පතිරණගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.