ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන් නෙදර්ලන්තයේ පැවැත්වෙන 10 වන ලෝක හමුදා ගොල්ෆ් තරගාවලිය නියෝජනය කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රීඩකයින් කණ්ඩායමක් 2016 අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා නෙදර්ලන්තයේ පැවැත්වෙන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිටත් විය.

මෙම තරඟාවලිය සදහා පිටත්ව ගිය ගුවන් හමුදා ක‍්‍රීඩකයින් ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ගුවන් හමුදා ක‍්‍රීඩා කමිටු සභාපතිවරුන් හා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලයේ නිළධාරීන් විසින් දිරිමත් කරමින් ඔවුන්ට සුබ පැතුම් පිරිනැමීය.

ආරක්ෂක සේවා කණ්ඩායම පහත පරිදි වේ.
      
දූත මණ්ඩල ප්‍රධානී
ගුවන් කොමදෝරු එස් කේ පතිරණ මහතා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

කණ්ඩායම නායක
කැප්ටන් (ඒ එස් ඩබ්) එල් එච් එස් ආර් ලේල්වල (ශ්‍රී ලංකා නාවික හමුදාව)

ක්‍රීඩකයින්
37112 කෝප්‍රල් මධුශංක කේ සී එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
016571 නායක ගුවන් භට විජේනායක ජී ඩබ් ඒ ජේ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
වී ඒ එස් 74232 ඕ ඩී ඩී එම් පී පී බණ්ඩාර මහතා (ශ්‍රී ලංකා නාවික හමුදාව)
වී ඒ එස් 77556 ඕ ඩී පී ජී ඩී ඩී පෙරේරා මහතා (ශ්‍රී ලංකා නාවික හමුදාව)
ඕ / 426473 සාමාන්‍ය සෙබල එච් එල් එස් Sඅනත්චන්ඩ්‍ර (ශ්‍රී ලංකා යුද හමුදාව)
ඕ / 100360 සාමාන්‍ය සෙබල කේ ජී අයි ජී රත්නායක (ශ්‍රී ලංකා යුද හමුදාව)

10 වැනි ලෝක හමුදා ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 28 වැනි දින සිට 2016 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා නෙදර්ලන්තයේදී පැවැත්වේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.