ඉන්දීය ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දීය ගුවන් හමුදා සහකාර මාණ්ඩලික ප‍්‍රධානී (පුහුනු) එයාර් වයිස් මාර්ෂල් අමිත් තිවාරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ආරක්‍ෂක නියෝජිත පුහුණු කණ්ඩායමක් පසුගිය 2016 අගෝස්තු මස 29 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ශ‍්‍රී  ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න විසින් නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. එසේම මෙම නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා හමුවිය. දෙපාර්ෂවය අතර සුහද සාකච්ඡුාවකින් අනතුරුව සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර පුහුණු කිරීම් පිළිබඳව කරුණු කාරණා සම්බන්ධව සාකච්ඡුා කරන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.