ඩෙංගු මැඩලීමට ගුවන් හමුදාව එක්වෙයි

ඩෙංගු මර්ධන මාසය අර්ථවත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව  අගෝස්තු මස 01 වන දින නුගේගොඩ ප්‍රදේශයේ සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා කොලඹ ගුවන් හමුදා කඳවුරේ පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.

යුධ හමුදාව, පොලීසිය, නුගේගොඩ මහ නගර සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල අතර  ප්‍රදේශයේ නළු නිලියන් ගායක ගායිකාවන් ද මෙම සද්කාර්ය්‍ය වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලදී.

ඩෙංගු මර්ධන වැඩසටහන අවසානයේ ප්‍රදේශයේ ජනතාව මෙම රෝගයෙන් ආරක්ෂාවීමට නම් කලයුතු කාර්යන් පිලිබඳ දැනුවත් කල අතර මදුරුවන් බෝවන ස්ථානයන් විනාශ කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.