සේවා වනිතා ඒකකය දරුවන් වෙනුවෙන් ශිෂ්‍යයත්ව ප්‍රධානය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ "මේරියන් ගුණතිලක" ශිෂ්‍යයත්ව ව්‍යාපෘතියේ 15 වන අධියර ක්‍රියාත්මක කරමින් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නෙළුන් ගුණතිලක මැතිණියගේ මුලිකත්වයෙන් ජනශක්ති රක්ෂණ සංස්ථාවේ අනුග්‍රහය ඇතිව යුද්ධයේදී මියගිය සහ අබාධිත තත්වයට පත්වු සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ දරුවන් 152 වෙනුවෙන් ශිෂ්‍යයත්ව ප්‍රධානය කිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

ගරු නාමල් රාජපක්ෂ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් 2010 අගෝස්තු මස 03 දින ගුවන් හමුදා මුලස්ථානයේදී පැවති මෙම උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මර්ෂල් රොෂාන් ගුණතිලක සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු උසස් නිලධාරීන්  රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.