2015 ජාතික ඵලදායීතා රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකර ගනී

2015 වර්ෂය වෙනුවෙන් පිරිනැමූ ජාතික ඵලදායීතා සම්මානයෙහි රාජ්‍ය අංශයේ දෙපාර්තුමේන්තු වර්ගීකරණය යටතේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම ඵලදායීතා සම්මාන උළෙල රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර වාර්ෂිකව පවත්වන මෙම තරගාවලිය සැලසුම් කිරීමේ අරමුණ වනුයේ වසර පුරාවට ඵලදායීතා සංකල්පය හා ඵලදායීතාවය කාර්යක‍ෂම භාවිතය මගින් සාර්ථකත්වයට පත්වූ ආයතන සහ සමාගම් තෝරා ඇගයීමට ලක් කිරීමයිි. මෙම ව්‍යායාමයේ ඉලක්කය වනුයේ් ජනතාව වෙනුවෙන් කාර්යක‍ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම සහ සමස්ථ රටේ ඵලදායීතාව වැඩිදියුණු කිරීමයි.
 
මෙම තරගය තුල විවිධ සංවිධාන මීට පෙර රාජ්‍ය අංශයේ දෙපාර්තුමේන්තු වර්ගීකරණය යටතේ "ඵලදායිතා සම්මානය" දිනා ඇති අතර මෙවර එහි 'රන් සම්මානය' දිනාගත් ගුවන් හමුදව දිගින් දිගටම ඉහළම තත්වයක් පවත්වා ගනිමින් මෙවර තක්සේරුව තුළ 90% ක ලකුණු ප්‍රතිශතයක් පවත්වාගැනීමට සමත් විය.   
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ශයේදී ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමෙන් පසු 2016 මාර්තු මාසයේ දී මෙම වසරේ තරගය සඳහා ද නැවත වතාවක් ආයතනයක් ලෙස ඉල්ලුම් කළ අතර මේ වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් ආවරණය වන පරිදි නායකත්වය, සේවක ප්‍රධාන මාතෘකා, ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, පාරිභෝගික තෘප්තිය සහ ප්‍රතිඵල ලෙස පංච ඵලදායීතා සංකල්පයක් යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් තක්සේරු කරන ලදී.

මෙහෙයුම් / සැපයුම් - ගුවන් හමුදා රත්මලාන අංක 4 බලඝණය හා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය
නඩත්තු / සැපයුම් - ගුවන් ඉංජිනේරු පක්ෂාංගය, ගුවන් මෙහෙයුම් පක්ෂාංගය හා ඉලෙක්ට්‍රොනික් හා තාක්ෂණික පක්ශාංගය
තොරතුරු තාක්ෂණ භාවිතය / ඔටෝමේෂන් - ගුවන් හමුදා රත්මලාන තොරතුරු තාක්ෂණික පක්ෂාංගය  
මානව සම්පත් කළමනාකරණ / ඔටෝමේෂන් - පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලය
සමාජ වගකීම් - ගුවන් හමුදා කෞතුකාගාරය
සේවක සුභසාධන - සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය
සේවක පහසුකම් - දන්ත වෛද්‍ය අංශය හා රෝහල ගුවන්පුර
පුහුණු / සැපයුම් - ගුවන් හමුදා දියතලාව සටන් පුහුනු පාසල

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.