අනුරාධපුර කඳවුරට නව අණදෙන නිලධාරීවරයෙක්

ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියළු වගකිම් ගෲප් කපිතාන් පී.ඞී.කේ.ටී. ජයසිංහ හට භාරදෙන ලදී.

ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ පසුගිය 2009 අගෝස්තු මස 26 වනදා සිට 2010 ජූලි මස 14 වන දින දක්වා වැඩ බලන අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී. ගෲප් කපිතාන් පී.ඞී.කේ.ටී. ජයසිංහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් වැඩ භාර ගනු ලැබුවේ පකිස්ථානයේ විශේෂ යුධ පුහුණු පාඨමාලාවක් හදාරා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුවය.

ගුවන් හමුදා චාරිත‍්‍රානුකූල සම්මාන පෙළපාලියකින් අණදෙන නිළධාරී තනතුර භාර දුන් අතර එම පෙළපාලියට අණ දෙනු ලැබුවේ බලඝණ නායක කේ.එම්.එස්.වී.කේ. කාරියප්පෙරුම නිළධාරීවරයා විසිනි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.