අවිකරුවන්ගේ විසිරයාමේ පෙළපලිය
16 වන අවිකරුවන්ගේ උසස් පාඨමාලාව නිමකල අවිකරුවන් 129 දෙනෙකු ඊයේ (අගෝස්තු 04) දීන පලාලි ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී.
මොවුන් සති 14ක කාලයක් තුලදී සරඹ, අවි පුහුණුව, සජීවී වෙඩිතැබීම් සහ ඉදිරියට යැම්, වනගත නොනැසී ජීවත් වීම, ගරිල්ලා සටන් ක්‍රම, නායකත්ව පුහුණුවීම්, බුද්ධි තොරතුරු පුහුණුව, පුද්ගලික දක්ෂතා වර්ධනය කිරීම, ගුවන් බලය, වනගත ප්‍රථමාධාර සහ ප්‍රාථමික පරිගණක දැනුම මොවුන්ට ලබා දෙන ලදී.
කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් අතුල කලු ආරච්චි ප්‍රධාන අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභගී විය.
පාඨමාලාවේ ත්‍යාග ලාභීන් මෙසේය.23590 කෝප්‍රල් පෙරේරා ඩබ්.පී.එල්.අයි. 22781 කොප්‍රල් සිරිතුංග පී.කේ.එල්. 21891 කොප්‍රල් ගුණරත්න කේ 23590 කෝප්‍රල් පෙරේරා ඩබ්.පී.එල්.අයි. 23134 කොප්‍රල් කුමර ඒ.එම්.එස්.