පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයෙන් තවත් සඟවා තැබූ අවි ආයුධ තොගයක් සොයා ගැනේ


ත‍්‍රිකොණමඩු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලය මගින් පසුගියදා පුදුකුඩුඉරිප්පු වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශ වල කරන ලද සෝදිසි කිරීම් වලදී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ථවාදීන් පැනයාමේදී සඟවා තැබූ තවත් අවි ආයුධ රැුසක් සොයා ගන්නා ලදී.

ගුවන් හමුදා ත‍්‍රිකෝණමඩු විශේෂ මෙහෙයුම් රාශිමූලයට අණදෙන බලඝණ නායක වජිර සේනාධීරගේ අණ යටතේ පයිලටි ඔෆිසර් පීඑස්ඞීඞී රූපසිංහ ඇතුළු කණ්ඩායම විසින් ගුවන් හමුදා බුද්ධි අංශ මගින් පුනුරුත්ථාපන කඳවුරු වල සිටින එල්.ටී.ටී.ඊ. යේ සේවය කරන ලද සාමාජිකයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.

පහත අවි යුධ උපකරණ සොයා ගන්නා ලදී

සී.එචි ටී-81අවි01
එල්ටීටීඊ විසින් සකසන ලද කමාන්ඩෝ අවි01
දුර සිට වෙඩි තැබිය හැකි අවි04
බැංගලෝර් ටෝපිඩෝ කි.ග‍්‍රැ 410
යුධ ටැංකි නාශක බෝමිබ02
ක්ලේමෝ බෝමිබ 01
අරුල් බෝමිබ19
ආර්.පී.ජී බුස්ටර්ස්134
ආර්.පී.ජී බෝමිබ 04
එල්ටීටීඊ විසින් සකසන ලද බෝමිබ04
සී.එචි 216 පිස්තෝල සඳහා භාවිත කරන උන්ඩ285
උන්ඩ (12.7 මි.මි)83
ජී.පී.එ.මි.ජී. උන්ඩ (7.62 මි.මි)55
මෝටාර් බෝමිබ (120 මි.මි)01

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.