"රොතර්හැම් සර්කිට් තරගාවලිය 2010" සදහා සියල්ල සුදානම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ  හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන"රොතර්හැම්  සර්කිට් තරගාවලිය"  2010, අගෝස්තු මස 08 වන දින පවැත් විමට නියමිත අතර , මේ පිළිබද මාධ්‍ය හමුවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (04 අගෝස්තු 10) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මෙවරත්  කටුකුරුන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වෙන අතර මෙම ඉසව්වට මහත් ලැදිකමක් දක්වන ප්‍රේක්ෂකයින්ගේ අති විශාල සහභාගිත්වයක් අපෙක්ෂා කරන අතර මේ සදහා සියලු කටයුතු දැනටමත් සංවිධානය කර අවසානය.

මෙම මාධ්‍ය හමුව සදහා ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රෝහිත රනසිංහ මහතා, මෝටර් රථ  හා යතුරුපැදි දාවකයින්ගේ සංගමයේ සාමාජිකයින් මෙන්ම මහගු කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා දායකත්වය ලබාදෙන අනුග්‍රාහක භවතුන්ද සහභාගි වූ අතර එහිදී අනුග්‍රාහක චෙක් පත් ගුවන් හමුදාපති තුමා හට ප්‍රධානය කිරීමක්ද සිදුවිය.

මෙවර පැවැත්වෙන මෝටර් රථ තරගාවලිය  සදහා ප්‍රධාන අනුග්‍රහය ලංකා බැංකුව විසින් ලබා දෙන අතර,  මොබිටෙල් පුද්ගලික සමාගම, බ්‍රවුන්ස් සමාගම, එක්සයිඩ් සමාගම ,සියැට් සමාගම හා කොකා කෝලා සමගම සම අනුග්‍රහකයින් වේ. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලංකා එක්සත් පුවත්පත් සමාගම ලබාදෙන අතර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ඒබීසී මාධ්‍ය ජාලය හා ජාතික රූපවාහිනී නලිකාව විසින් ලබාදේ.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.