අත්‍යවශ්‍යය වියලි ආහාර ටොන් 18ක් ගුවනින් පකිස්තානයට

පාකිස්තානයේ ඇතිවූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් පකිස්තාන ජනතාව උදෙසා අත්‍යවශ්‍යය  වියලි අහාර ද්‍රව්‍ය ටොන් 18ක් රැගත් ‍ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 2 ප්‍රවාහන බලඝණයට අයත් සී 130 ගුවන් යානය අද දින (08 අගෝස්තු 10) ගුවන් හමුදා රත්මලාන කදවුරෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගුවන් ගත විය.

ලංකා සතොස ආයතනය විසින් ලබාදුන් රුපියල් මිලියන 03 වටිනා මෙම වියලි ආහාර තොගය පරිප්පු,සීනී, හාල් හා තේ කොල වලින් සමන්විත වන අතර ගංවතුරෙන් විපතට පත් පකිස්තාන ජනතාව අතර බෙදාදීමට 07 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද මේ සදහා එක් විය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුර්ණ අනුමැතිය හා මග පෙන්වීම යටතේ හා විදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව සිදුකල මෙම මානුශීය මෙහෙවර පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික සබදතාවය තව තවත් වර්ධනය කිරීමට මනා පිටිවහලක් වනු ඇත.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.