ටයිගමොත් සහ ච්ප්මන්ක් මෙම සෙනසුරාදා නැවතත් උඩුගුවනට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය 2009 දෙසෑම්බර් 26 වනදා  සෙනසුරාදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු පෑරනිතම ගුවන් යානා දෙක වන ටයිග මොත් සහ ච්ප්මන්ක් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්  ගත කිරීමට සූදානම්ව සිටී.

බොහෝ වයසැති ඩි හැවිලන්ඩ් ටයිගමොත් සහ ච්ප්මන්ක් ටීඑම්කේ යන ගුවන් යනා දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්ශේෂ ඉන්ජිනේරු සහ කාර්මික බලකායක අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසින් මෙසේ එලිදැක්වෙන වගයි.



ටයිගමොත්
ගුවන් යානාව

ටයිග මොත් සහ ච්ප්මන්ක් මෙම සෙනසුරාදා නැවතත් උඩුගුවනට

1937 දී බ්‍රිතාන්‍යයේ දී හැවලන්ඩ් ගුවන් සමාගමේ දී නිපදවන ලද ටයිගමොත්
ගුවන් යානාව 1982 ජනවරි 21 වනදා ලංකා ගුවන් පුහුනු පාසලෙන් ලැබෙන විට ඉතා අබලන් තත්වයක පැවතුනි නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1988 සැප්තැම්බර් 18 වනදා වන විට එය නැවත ප්‍රතිසංස්කරණය කොට ගුවන් ගත කිරීමට සමත් විය.

චිප්මන්ක් ගුවන් යානාව

ටයිග මොත් සහ ච්ප්මන්ක් මෙම සෙනසුරාදා නැවතත් උඩුගුවනට

1951 දී ප්‍රථ්ම වරට පුහුනු ගුවන් යානාවක් ලෙසින් සේවයට එක් වූ  චිප්මන්ක් ගුවන් යානාව  1985 දී සිය මූලික සේවයෙන් ඉවත් විය අද වන විට ච්ප්මන්ක් යානා දෙකක් පියාසර මට්ටමේ පවතියි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.